Sunday 9 December 2018

Sura Pappa Cake Song Lyrics – Sura Pappa | Sinhala Songs



මේ ජාතියේ කේක් එකක් හදලා මෙන්න මෙයාලට කන්න දෙමු https://www.youtube.com/watch?v=tA-_gTe1LE8 හා ද? හැබැයි ඕවට #DinuraCreations නම්අ ල්ලගන්න එපා හරිය? හරි එහෙනම් වැඩේ පටන් ගම්මු! Sura Pappa Cake Song Lyrics: “කොහොමද හදන්නේ?
ආහ්! මේ තියෙන්නේ ලයිස්තුව..
පත්තෑයෝ බැදුම..
ඇහුන්නෑ!
ගෝනුසු සුප්..
නරක නෑ!
නියඟලා හොද්ද..
මරු!
නයි බිත්තර ඔම්ලට්..
ජොලි!
අද විශේෂ පාසානම් කේක් හඃ.. හඃ.. හා..
අන්න හොඳයි.. හිහ් හිහ් හී…

දෙන්නම් මං අද පප්පලට
රැජිණට යවනවා කේක් එක
ලස්සන පාටට තියෙන්නට
සායම් දානවා බේසමට..
එකක් මදි, දෙකක් දානවා!
මී පැණි බෝතලයක් දාලා
වයින් ටිකක් කලවම් කරලා
පොඩි කජු මද ටිකකුත් ඉහලා
ගම්මිරිසුත් යහමින් දාලා..
නෑ…!
ආහ් නැද්ද?

පාසානම් ටිකකුත් දාලා
සීනි කිලෝ දහයක් දාලා
නයි බිත්තර දෙකකුත් දාලා
හදනවා පදමට හැඳිගාලා..
එක්කෝ බිත්තර තුනක්ම දානවා!
රැජිණට යවනවා කේක් එක
ලස්සන පාටට තියෙන්නට
සායම් දානවා බේසමට..
ලුණු ටිකකුත් දානවා නේද?
නෑ….!
නැද්ද? හේහ්..

මිනී ඔලුවකුයි කටුස්සෙකුයි
පොළඟා ගේ දළකුයි නාගයෙකුයි
රසවෙන්නට රටඉඳි ටිකකුයි
නෑ නෑ නාරං බික් තුනකුයි..
වැඩියි වැඩියි එකක් හොඳටෝම ඇති..

රටකජු ටිකකුත් පොතුගහලා
පොතු ටික දානවා මද කාලා
හොඳහැටි පදමට හැඳිගාලා
සුවඳ එන්න දානවා වැනිලා..
නෑ…! ආහ්! දානවා නේන්නං
අහ්.. ඒ පාර නම් යන්තං හරිගියා!

හැදුවේ කේක් එක අපි දෙන්නයි
අහුවෙන්නේ අර පප්පලවයි
මාළිගාවේ වැඩ මග නවතියි
මකබාස්ව දැන් කිඹුල්ලු කයි..
සා.. රී.. ගා..
සනිධ පම ගරිසා සා සා..
ඕ..යේ…!”
Rewind ◄◄ 0:00
Artists: Lal Sarathkumara & Suneth Chithrananda
Script: Gaminda Priyaviraj
Cartoon: Sura Pappa
Published Originally by Dinura Pradeep Balasooriya | Subscribe Now https://www.youtube.com/channel/UCLhgFhXwY-BkH86dfVXwAGg
#SinhalaSongs තුන් කල් ගී දැහැන Thunkal Gee dahena https://ift.tt/2ruL8O9

source

No comments:

Post a Comment